සිතුවිලි
පෑන අතට ගත්තෙ මොනව හරි දෙයක් ලියන්න
හිතාගෙන. හිතට එන හැම සිතුවිල්ලක්ම වචන වලට පෙරළන්න හරිම අමාරුයි කියල තේරණේ
දැන්.... ඇත්ත, නිදහස් මනසක්
තියෙන වෙලාවට තමයි ලියන්න පුලුවන් ඉතිං මම
සිතුවිලි වලට ගලා ගෙන එන්න ඉඩ දෙනව. ඔයාට ලියන්න පුලුවන් කවියක් කතාවක් නිසදැසක්
හිතට එන ඕන දෙයක් මිතුරිය මාව දිරිමත් කළේ
එහෙම කියල...
හීන් සීරැවට ගලාගෙන එන සිතුවිලි මැද්දෙ මාව
පුරුද්දට වගේ අරගෙන ගියෙ ළමා කාළයට...කොච්චර නිදහස්ද.. ඒ සැහැල්ලු බව මතකයන් එක්ක
මම හැබෑවටම අත්වින්ද.. ජීවිතේ ගැන කිසිම බරපතලක් නෑ අම්මගෙ උණුසුමේ ගුලි වුණ
තාත්තගෙ ආඩම්බරී වුණ අයියලගෙ හුරතලී වුණා මම.
ඉස්කෝලෙ ගිය පළවෙනි දවස අම්මගෙ ඇස් වල කදුළු
කැට... මට නම් පාළුවක් දැනුනෙම නෑ.තනි කරල
එන විට පාසලේ මාව.එදා අලුතින් ලැබුණු නිසා හැම දේම මට.යාළුවො කියන අය,කරැණාවන්ත
ගුරුවරු,අලුත් පොත්
පැන්සල්,ඩෙස් එක පුටුව, ආසාවෙන් නතර
වුණේ පාසලේ මම.
ශිෂ්‍යත්ව කඩඉමට ලං වුණේ හරි ඉක්මනින් අම්මගෙ
බලාපොරොත්තු.. තාත්තගෙ ආශාව.. ඉටු කරන්න
බැරි වුණාට කවදාවත්ම බැන්නෙ නෑ මට.ටියුෂන් ගියෙ නෑ පොඩි කාලෙ මම.. සීයා
කියල දුන්නු කරතන්දර විතරමයි පාඩම්. කුඹුරු යායෙ දුව පැනපු සෙල්ලම් ගෙවල් හදල බත්
උයපු හැංගි මුත්ත සෙල්ලම් කරපු ලස්සනම
අතීතය...
අවුරුද්ද අවුරුද්ද ගෙවී ගියා සාමාන්‍ය
පෙළ කඩඉම දැනුණෙම නැති තරම්. පාඩම් කරා .හොදට නම් නෙමෙයි හොරට. මටත් හැකි
වුණා ජය ගන්න.
ජීවිතේ ගැන වෙනස්ම විදියට හිතපු කාළය හරිම
කෙළිලොල් උසස් පෙළ පංතිය. ජීවිතේ වෙනස් මගකට යොමු කරන්නට හැකි වුණා අලුත්
බලාපොරොත්තු අලුත් අරමුණු ජීවිතේට වැඩි වැඩියෙන් එකතු වුණා. ජය ගන්න හැකි වුණා
අභිමනින් උසස් පෙළ බලාපොරොත්තුව උත්සාහය
උනන්දුව කැපවීම නිසා.
මං පැතූ සිහිනය සරසවිය... අම්මගෙ තාත්තගෙ පවුලෙ හැම දෙනාගෙම පැතුම සිහිනයක් නොව හැබෑවටම අත්දකින්න පුළුවන්
වුණා.
පුදුම හිතෙනව මට ජීවිතේ ගැන නෙවෙයි හිතට යන්න පුළුවන් දුර ගැන. එක මොහොතකින් මම
මගේ අතීතයම සිහිපත් කළා. සිතුවිලි වලට
ලොකු බලයක් තියෙනව.
දුරං ගමන් ඒක චරං -
අසරීරං ගුහාසයන්
යේ
චිත්තං සඣ්ඣ මෙස්සන්ති -
මොක්ඛන්ති මාර බන්ධනා
බුදුහාමුදුරුවො දේශනා කරල තියෙන ගාථාව මට
සිහිපත් වුණා.දැන් මට තේරෙනව අත්දැකීම්
සමග තමයි සිතුවිලි නිර්මාණය වෙන්නෙ.
අතීතයෙ මං ලබපු අත්දකීම් මගේ සිතුවිලි බවට පත් වුණා.
සිතුවිලි වලට ලොකු ශක්තියක් තියෙනව. මේ සිතුවිලි
නි්‍රමාණයට කාලයයි....
ඡායා ලියනගේ
subapathanava mage lama kalayath mathak una oyage warthamanayah liyanavanam godak hoday
ReplyDeleteස්තූතියි චතූ
Deleteඅතීතය මතකයට නැගුණා.
ReplyDelete