හිමිදිරිය
කිචි බිචිය
ඇසෙනා
නාද දෙන
විහගුන්ගෙ
දුරලා අදුර
අහස් කුස
හිරු කුමරු
කෙමෙන් මෝදු වෙන
කඩිමුඩිය ගෙදර
දොර
වැඩ කරන ජනතාව
ඇද රෙද්ද
පොරවගෙන
මදුරු දැල යට
ගුලි වෙලා
හඩයි කම්මැලි
සිතක්
පමා වී නාවෙ
ඇයි හිමිදිරිය............
-ඡායා ලියනගේ-
No comments:
Post a Comment