ආදරණීය අම්මාට
සහ තාත්තාට......
ආදරණීය අම්මේ
තාත්තේ..නේවාසිකාගාරයේ හුදකලා වුණ
වෙලාවෙදි... වෙන කවුරුවත් ගැන නෙමෙයි මට මගෙ අම්මගෙ තාත්තගෙ සෙනෙහස ගැන මතක් වුණා..
දන්නවද අම්මේ... ඔයාගෙ දුව කොළොම්පුරේට
ඇවිත් ගොඩක් දේවල් ඉගන ගත්ත. පුංචි කාලෙ
ඉදන් කැම්පස් එනකම් මගෙ අම්මගෙ තුරුලෙන් මිදිල එක දවසක්වත් ගෙදරින් පිට ඉදල නෑ. ඒත් දැන් ඔයාගෙ දුව තනියෙන්
ගොඩක් දේවල් කර ගන්නව.. මතකද අම්මේ ඉස්සර මම කෑම හදන්න ඉගන ගන්නෙ නෑ කියල ඔයා මට
තරවටු කරනව... ඒත් මම අම්ම කෑම හදනව බලන්
හිටියෙ හරි ආසාවෙන්..දන්නවද අම්මේ මට දැන් රසට කෑම හදන්න පුළුවන්..ඉස්සර ඉස්කෝලෙ
ගිහින් ආවම අම්ම මගේ රෙදි සේරම හෝදල දෙනව.මමත් අම්ම රෙදි ටික හෝදල දෙන නිසා බලන්
ඉන්නව.ඒත් ඔයා මට කවදාවත් රෙදි හෝදන්න එපා කියල නෑ අම්මේ. මම දැන් ඒ් දන්නව ඇයි
කියල.. මං දැන් රෙදි සේරම හෝදල.. වේලල.. ලස්සනට නවනව... ඔයා කියල දුන්නු
විදියටම... අම්මේ මම හිටවපු රෝස වැලේ තාම මල් පිපෙනව නේද..ගොඩක්
කාලෙකින් ගෙදර එන්නත් බැරි වුණානෙ..අම්ගෙ
මල් පාත්තිය තරම් මගෙ මල් පාත්තිය ලස්සන නම් නෑ.ඒත් ඔයා තමයි මට කියල
දුන්නෙ මල් පැළ හිටවන හැටි අම්ම හරිම ආදරෙන්
මල් පැළ වලට සාත්තු කරන හැටි මම බලාගෙන හිටිය. අපේ ගෙදර අම්ම ආසම කුස්සියට.. ගෙදර කොහේ නැතත් එතන
හරිම පිළිවෙලයි. වෙලාවකට මම ඉන්න කාමරෙත් හරිම අපිළිවෙලයි අම්මේ.. ඔයා ලග හිටිය
නම් ලස්සනට අස් කරල දෙනව. ඒත් මම දැන් තනියම කාමරේ අස් කර ගන්නව අම්මේ. ඉස්සර
අම්මත් එක්ක පොළේ ගිහින් ඔයා බඩු ගන්න හැටි මම බලන් ඉන්නව.. මුදලාලිල එක්ක හෙට්ටු කර
කර හොද අළුත් එළවලු පළතුරු ඔයා ගෙදර ගෙනියනව.දැන් මම උයා ගෙන කන්නෙ තනියම. මමත්
සති අන්තෙ මාර්කට් එකට යනව අම්මේ.. කලටි නැති පොල් තෝරන්න... ළපටි බණ්ඩක්ක.. අලුත් මාළු..
අළුත් එළවලු ගන්න දැන් මටත් පුළුවන්. සකසුරුවමට වැඩ කරන්න ඔයා මට කියල දුන්න
අම්මේ. ඒක නිසා මම කිසිම දෙයක් නාස්ති කරන්නෙ නෑ.මගෙ අම්මගෙ ආදරේ මේ ලෝකෙ කාටවත්
සම කරන්න බෑ කියල මම දන්නව.
ආදරණිය තාත්තේ...
පුංචි කාලෙ ඔයා මාව බයිසිකලේ තියාගෙන ඉස්කෝලෙ එක්ක ගිය හැටි මට තාම මතක් වෙනව.කොහේ
හරි යද්දි හැමදාම මගෙ තනියට ආවෙ තාත්ත.. ඒත් තාත්තෙ දැන් මම තනියම ගොඩක් තැන් වල
යන්නෙ ඔයා කියපු පරිස්සමින් කියන වචනෙ හිතේ තියාගෙන. තාත්ත ලග පුදුම
රැකවරණයක් තියෙන්නෙ. පුංචි කාලෙ ඔයා මාව මලක් වගේ බලා ගත්ත. ඒක නිසා මම දැන්
පරිස්සමින් ඉන්න දන්නව තාත්තේ.. මතකද
තාත්තේ ඉස්සර මම රෑට ඔයා නැතුව එළියට වත් බහින්නෙ නෑ.දැනුත් මම හරි බයයි කළුවරට.
ඒත් මම දැන් සමහර දවස් වලට යාළුවොත් එක්කලා එළියට යනව.. හබැයි මට ඔයා කියල දුන්නු
පරිස්සම අමතක නෑ තාත්තේ.තාත්තෙ මට ඔයා කියල දුන්නු පාඩම් තාමත් මතකයි.. මම ගොඩක් වෙලාවට
සමාජය තේරුම් ගත්තෙ ඒවයින්. තාත්තෙ මම ලෙඩ උනාම ඔයා තමයි බෙහෙත් ගන්න එක්ක යන්නෙ.
ඔයා මට බෙහෙත් පොවන්නෙ හරිම අමාරුවෙන්.දැන් මම ලෙඩ උනාම තනියම බෙහෙත් ගේන්න
යනව.ඒත් දැන් මම බෙහෙත් බොන්නෙ හොරට.. ගමනක් ගිහින් එන විට තාත්ත ගේන රස කෑම.
ලගදිම ගෙදර එනකොට මමත් අරගෙන එන්නම්..තාත්ත තමයි වත්තෙ පැළ හිටුවන්නෙ.හැමදාම පැළ
වලට වතුර දාන කොට මොනවද ඒ මුමුණන්නෙ.. මම දැකල තියෙනව. පරිසරයට ආදරය කරන්න මම ඉගන
ගත්තෙ තාත්තගෙන්. නොපෙනෙන ආදරයක් කියල කිව්වට තාත්තගෙ ආදරය මහ මෙරක් වගේ මට දැනෙනව..අම්මයි
තාත්තයි මට ජීවත් වෙන හැටි ලස්සනට කියල දීල තියෙනව. හැමදාම මං ණයගැතියි අම්මේ තාත්තේ..
ආදර අම්මේ
තාත්තේ
මේ සුවිසල්
කොළොම්පුරේ මගෙ හිතට තනිකමක් පාළුවක් දැනුනම දුවගෙන එන්න හිතෙනව ඔයාලෙ තුරුළට අම්මේ
.... වෙලාවකට දරාගන්න අමාරුයි ඔයාල ලග
නැති අඩුව තාත්තේ.. මම හයියෙන් අඩනව.එතකොට මට මතක් වෙන්නෙ
ඔටුන්න බිම දා
දුවගෙන එන්නද එක පිම්මේ ...
මං එනතුරු
ඉදිකඩ ළග ඉන්නවාද අම්මේ...
කියන සිංදුව
ඒත් මට ඔයාල හැම දෙයක්ම උපේක්ෂාවෙන් විද දරා ගන්න හැටි කියල දීල තියෙනවනෙ කියල
මතක් වුණත් ඔයාල ලග නැති අඩුව නම් දරා ගන්න අමාරුයි ..අම්මෙ තාත්තෙ ඔයාල මට හැමදේම
කියල දීල තියෙනව.ඒත් ඔයාල නැති දවසක ඔයාල නැතුව ජීවත් වෙන හැටි ඇත්තටම මම දන්නෙ නෑ
අම්මෙ තාත්තේ.. මම ලගදිම ගෙදර එනව. මෙහේ කොච්චර වැඩ තිබුණත් මගෙ අම්මගෙ තාත්තගෙ
ආදරේ විදින්නෙ නැතුව මට ඉන්න බෑ.ඉස්සරනම් ගෙදරදි ඔයාල ගමනක් ගියාම මම එනකම් මග
බලන් ඉන්නව.ඒත් දැන් මං එනකම් මගෙ අම්ම තාත්ත බලන් ඉන්නව කියල මම දන්නව.
බුදු සරණයි
මම
දෝණි
-ඡායා ලියනගේ-
-ඡායා ලියනගේ-
Duka hithenw chabbo
ReplyDeletematath meka liyaddi duka hithuna jaye
Deletehithata danena nethata kadulak unana liyamanak.....
ReplyDeletehithata danena nethata kadulak unana liyamanak.....
ReplyDeletethank u arali
DeleteAtthatama lassanai chabbo.et mage thaththa mn enakan gdr dn balan inne na.best of luck 4 ur future mage chabboooo
ReplyDeleteAtthatama lassanai chabbo.et mage thaththa mn enakan gdr dn balan inne na.best of luck 4 ur future mage chabboooo
ReplyDeletethank u shaliyoooo ...eth e mathakaya hamadama hadawathe thiyenawane oyage
Deleteමව් පිය සෙනෙහස අසමසමයි..
ReplyDelete