ජන
සන්නිවේදනයේ කතාව
මිනිසා විසින්
තොරතුරු අදහස් හුවමාරු කර ගැනීමේ ක්‍රයාවලිය ජන සන්නිවේදනය ලෙස සරලව අර්ථ දැක්විය
හැකිය.මානව ශිෂ්ඨාචාරයේ ආරම්භය ජන සන්නිවේදනය විකාශනයේ ආරම්භය වේ. මානවයා මුල්
කා අකුරු හෝ භාෂාවක් භාවිත කර නොමැත. ඔවුන් එකිනෙකා අතර හැගීම් මගින් ඒවාට ප්‍රතිචාර
දැක්වීමෙන් සන්නිවේදනය සිදු කර ඇත. අභිනය භාවිතයෙන් තමන්ට සිදු වූ දෙයක් පෙන්වන්නට
මානවයා උත්සාහ කර ඇත. බොහෝ අවස්ථාවල දඩයමේ යද්දී තමන් මුහුණ දුන් අත්දැකීම්
අභිනයෙන් රග දක්වන්නට ඔවුන් උත්සාහයේ යෙදී ඇත.නාට්‍ය කළාවේ ආරම්භයද මෙයින් සිදු වී
ඇතැයි විශ්වාස කරයි. සතුට ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් වශයෙන් අත්පුඩි ගැසීම මුල්ම
සන්නිවේදන ක්‍රමයක් ලෙස හදුනාගත හැකිය. අත්පුඩියෙන් නිකුත් වූ ශබ්දය ඔස්සේ කටින්
විවිධ ශබ්ද යොදාගෙන මානවයා සන්නිවේදනයේ යෙදී ඇත.
මානවයා
භාෂාවක් කතා කරන්නට පෙර විවිධ සංකේත යොදා ගෙන රූප අදින්නට යොමු වී ඇත.ඔවුන්
එදිනෙදා දක්නට ලැබෙන දේවල් එනම් මෙම සිතුවම් වල දක්නට ලැබුණු අතර එහි වැඩිපුරම
සත්ව රූප ඇතුළත් වුණා. මේ චිත්‍ර වල වර්ණ ගැන්වීම හරහා මානවයා වර්ණ භාවිතයට හුරු
වූ ආකාරයද හදුනා ගත හැකිය. ක්‍රි.පූ 20000 දී පමණ ඇල්ටමීරා ගුහාවේ ඇදි සිතුවම් ඉතා
පැරණි ගණයේ ලා සැලකෙනවා.
මානවයා
භාෂාවක් කතා කිරීමට පටන් ගෙන ඇත්තේ ඉන් අනතුරුවය. භාෂාවක් කතා කිරීමට පටන් ගත් පසු
දුරින් සිටින කෙනෙකු වෙත පණිවිඩ යැවීම ඇරඹුනා. එහිදී පණිවිඩය කෙනෙකුට කියා ඔහු
මගින් තවකෙනෙකුට යැවීම සිදු වුණා. එය සාර්ථක ක්‍රමයක් නොවුණේ එසේ යවන පණිවිඩය
පැටලීම හා මාරු වීම හරහාය.එසේම පණිවිඩය කෑ ගසා දුරින් සිටින අයට කීම ඔහුද කෑ ගසා
තවකෙනෙකුට කීමද සිදු වුණා. ඒ සදහා විශාල පිරිසක් අවශ්‍ය වූ නිසා එයද සාර්ථක
නොවුණා. හූ හඩ හූව යම් සාර්ථකත්වයක් ඇති සන්නිවේදන ක්‍රමයක් ලෙස සිතිය හැක්කේ එය
අදද යම් යම් අවස්ථා වලදී භාවිත වන
නිසාවෙනි. බෙරය සොයා ගැනීම සන්නිවේදනයේ තවත් පැතිකඩක් බවට පත් විය. ක්‍රි.පූ 8000
දී පමණ භාවිත වූ බෙරය හරහා විවිධ ස්වර වලට වැයීමෙන් පණිවිඩය යවනු ලැබුවා. දුම්
ගැසීම තවත් සන්නිවේදන ක්‍රමයක් වූ අතර කැලයේ අතරමං වූවන් බොහෝ විට සොයා ගනු ලැබුවේ
දුම් ගැසීම හරහාය.
ක්‍රි.පූ
4000-3000 පමණ ලොව පළමු අක්ෂර ක්‍රමය බිහි වුණා.සුමේරියන්වරු විසින් හදුනා ගත් මෙම
ක්‍රමය කුනිෆෝර්ම් ලෙස හදුන්වනවා. භාෂාව උපයෝගී කර ගැනීම සිදු වන්නේ මින්
අනතුරුවය.මානව භාෂාවේ දියුණුවත් සමග කඩදාසි ලොවට බිහි වූයේය. ජොහැන්ස් ගුටෙන්බර්ග්
විසින් මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීම සන්නිවේදනය වේගවත් කිරීමට උපකාරී විය.
පොත් එළි
දැක්වීම වේගවත් වීම මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීමත් සමග සිදු විය. යුරෝපයේ බොහෝ
ස්ථානවල පොත් වෙළදසැල් ආරම්භ විය. පුවත්පත සොයා ගැනීම හරහා තොරතුරු දැන ගැනීමේ
හැකියාව ලැබුණා.ජෝන් ලොගී බෙයාර්ඩ් විසින් රූපවාහිනිය සොයා ගැනීම සන්නිවේදනයේ තවත්
විප්ලවයක් විය.
බෝල් පොයින්ට්
පෑන සොයා ගැනීම සමග තින්ත යෙදූ පෑන් වලට වඩා වේගයෙන් ලියකියවිලි කටයුතු කිරීමට
පහසු විය.1938 දී හංගේරියානු ජාතික ලැස්ලෝ බ්රෝ විසින් මුල් වරට බෝල් පොයින්ට් පෑන
නිර්මාණය කර ඇත.1930 දශකය අග භාගයේදී ෆැක්ස් යන්ත්‍රය භාවිතයට පැමිණේ.
ලෝකය පුරාම
තොරතුරු ඉතා වේගයෙන් බෙදා හැරිය හැකි චන්ද්‍රිකා තාක්ෂණය ආතර් සී.ක්ලාක් මහතා
විසින් සොයා ගන්නා ලදී. 1944 දී ජෝන් ඒ ඇටනාසොෆ් පළමු වතාවට අර්ධ ඉලෙක්ට්‍රොනික
පරිගණකයක් නිර්මානය කරන ලදී. ඉන් පසු නිර්මාණය වූ පරිගණක මගින් වේගවත්ව සන්නිවේදන
කටයුතු සිදු කළ හැකි විය. 1942 දී ඡායා
පිටපත් යන්ත්‍රය සන්නිවේදන කේෂ්ත්‍රෙය් තවත් වැදගත් සොයා ගැනීමක් විය.
අන්තර්ජාලය අද
වන විට ලොකු කුඩා සිල්ලන්ම පාහේ භාවිත කරන්නකි. සන්නිවේදනයේ දියුණුව සමග අද ලෝකය
විශ්ව ගම්මානයක් බවට පත්ව ඇත. නව මාධ්‍යයේ දියුණුව සමග පුවත්පත් කියවීම රූපවාහිනිය
නැරඹීම ගුවන්විදුලිය සවන් දීම වැනි කටයුකු නව මාධ්‍ය හරහා ඉටු කර ගැනීමේ හැකියාව
ලැබී ඇත.
ජන
සන්නිවේදනයේ කතාව එදා මෙදා කාළය තුළ වෙනස්කම් රැසකට මුහුණ දෙමින්, අදද හෙටද නොකඩවා
වර්ධනය වෙමින්, අලුත් දේ එකතු වෙමින් ගලා යන දීර්ඝ විකාශන කතාවකි.
-ඡායා
ලියනගේ-