සීට් එක
අද හයට කොළඹ යන බස් එක ආවෙ ටිකක් පරක්කු වෙලා.තාත්තට
වැදල මම බස් එකට ගොඩ වුනේ කොහොම හරි වාඩි
වෙලා යන්න හිතාගෙන. ඉරිද දවසක්
නිසා බස් එකේ හොදටම සෙනග වාඩි වෙන්න තියා හිටගෙන යන්නවත් තැනක් නැති තරම්.හිතට
ලොකු අසරණ කමක් දැනුනෙ පිටේ දමා ගෙන හිටිය බෑග් එකයි අම්ම ගෙදරින් ලෑස්ති කරල
දුන්න බඩු මල්ලයි තියා ගන්න තැනක් නැති වෙන කොට. කොන්දොස්තර මාම මට ලග බහින
කෙනෙක්ගෙ සීට් එකක් පෙන්නුව. මම එතනට වෙලා හිටගෙනම ආව.එක එක රැකියා වලට යන
මිනිස්සුන්ගෙන් බස් එක පිරිල. බාල තරුණ මහළු හැම නියෝජනයක්ම බස් එකේ... තොරතෝංචියක්
නැතුව සමහර මිනිස්සු කියවනව..පොඩි ළමයි අඩන සද්දෙ..උපරිමේටම වැඩි කරල බස් එකේ ඇහෙන
සංගීත නාදය..වෙලාවකට මගේ ඔළුව පැලෙන්න වගේ.. සමහරු වාඩි වෙලා නිදි.. සමහරු නැගිටල නිදි..කිසිම හැගීමක් නැතුව ජනේලෙන්
පිටත බලා ගෙන යන මිනිස්සු වගේම තරුණ කාන්තාවන්ගෙ ගත දැවටෙන්න උත්සහ කරන මිනිස්සු දැක්කත් නොදැක්ක වගේ මමත් පාඩුවෙ යනව.
අම්මෝ..
යන්තම් ඇති මතුගමට කිට්ටු වෙන කොට මට සීට් එක ලැබුණ. වාඩි වෙන්න හදන කොටම වගේ “අනේ දරුවෝ මට ටිකක්
අමාරුයි.. සීට් එක දෙනවද පොඩ්ඩක් දුර වාඩි වෙලා යන්න” මං දිහාවට හැරිල
හිටගෙන හිටිය මැදි වයසෙ කාන්තාවක් ඉල්ලීමක් කරා. “හා ඇන්ටි වාඩි වෙන්න” මගෙ ගතට කොච්චර ලොකු
මහන්සියක් දැනුණත් ඒ කාන්තාව ගැන අනුකම්පා හිතිල මම එහෙම කීව. කකුල් වලට නම් දැන්
හොදටම අමාරුයි.ඒත්ඉතිං මොනව කරන්නද...එහා පැත්තක හිටිය මාම කෙනෙක් මට නැගිටල සීට්
එක දුන්න.කියා ගන්න බැරි සතුටකින් මම එතන වාඩි වුණ.
ටික වෙලාවයි
මට එහෙම යන්න වුනෙ මේ අම්මට සීට් එකක් දෙන්න..මේ අම්මට සීට් එකක් දෙන්න..කොන්දොස්තර
මාමගෙ කට හඩ මගෙ කන හරහා ගියා. දරුවෙක් වඩා
ගත් අම්මට සීට් එක නොදී බැරි කමට නැගිටල ඉඩ දුන්න. කොටුවට වෙනකම්ම ආවෙ හිටගෙන.
ස්ටේෂන් එක ළග බහින්නත් ඕන. ඉක්මනට පිටේ එල්ලගෙන යන බෑග් එක කරේ දමාගෙන සීට් එක
අස්සට එබුනෙ බඩු මල්ල ගන්න. හ්ම්... බඩු මල්ල ඉගිලිල.අන්තිමට සීට් එකත් නෑ..බඩු
මල්ලත් නෑ..හිතට කිසි ෆිට් එකකුත් නෑ...
-ඡායා ලියනගේ-
Good job.
ReplyDeleteසීට් දෙන කෙනාම තමයි හැමදාම සීට් දෙන්නේ
ReplyDeleteඔබට නොලැබුන දේයක් තවත් කෙනෙකු ලබද්දී ඔබට සතුටු වන්න පුළුවන්නම් ඔබ උතුම් විරල කෙනෙක්
ReplyDelete